බණ්ඩාරගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් මත්කුඩු කිලෝ 192 කට අධික තොගයක් සහ ගිනිඅවි 10ක් පමණ අත්අඩංගුවට ගැනීමට එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත.
නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් එම වැටලීම කර ඇති බව ආරංචි මාර්ග සදහන් කළේය. කුඩු කිලෝ 15ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පසුව මෙම කුඩු තොගය 192ක සහ ගිනි අවි 10 අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර තොරතුරු පසුව බලාපොරොත්තුවන්න.