කොරොන වෛරසය පැතිරයාමේ අවදානම සලකා බලා , හොංකොං හි ශ්රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇත.
හොංකොං රජය රජයේ දෙපාර්තමේන්තු සහ වාණිජ ආයතනවල කාර්ය මණ්ඩලවලට , නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දීමෙන් පසු මෙම ශ්රී ලංකා කොන්සල් කාර්යාලයද වසා දමා ඇත.
පෙබරවාරි 2 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන ලෙස හොංකොං රජය රජයේ දෙපාර්තමේන්තු සහ වාණිජ ආයතනවල කාර්ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.
හොංකොං හි ශ්රී ලංකා ය කොන්සල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්ද සඳහන්කර ඇත්තේ හොංකොං රජය යලි අනතුර ඇඟවීම් නොකළහොත් කාර්යාලය යලි එළඹෙන සඳුදා විවෘත කරන බවයි.
කෙසේ වෙතත්, පෙබරවාරි 4 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජාතික දින සැමරුම් අවලංගු කරන බව එහි සඳහන්වේ