නවතම පුවත්

බැඳුම්කර වෝහාරික විගණනයේ සියලු ඇමුණුම් පාර්ලිමේන්තුවට ලැබිලා

අසංක

අසංක

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බැඳුම්කර වෝහාරික විගණනයේ වාර්තා 5කට අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වනවිට පාර්ලිමේන්තුවට ලැබී ඇති බව වාර්තාවේ.


භාණ්ඩාගාර බැඳුම්කර වෝහාරික විගණනයේ වාර්තා ,සියලු ඇමුණුම් හා ප්‍රදර්ශක සහිත ව පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස කථානායක කරු ජයසුරිය මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පසුගිය දා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩි. ලක්ෂ්මන් මහතාට ලිඛිතව දන්වනු ලැබී ය.


මීට් ප්‍රතිචාර ලෙස අදාළ ඇමිණුම් පාර්ලිමේන්තුවට ලැබී ඇති බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.


අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පූර්ණ නොවන බවට රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ම පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් පළ කළහ.

මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 18 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා