නවතම පුවත්

සන්ධාන නායකත්වය සමග සජිත්ට බලතල රැසක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ඉදිරියේදී ඇති කිරීමට සූදානම් වන සන්ධානයේ නායකත්වය සමග සජිත් ප්‍රේමදාස මහතාට බලතල රැසක් ලැබීමට නියමිත බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සන්ධානයේ නායකත්වය සමග ලේකම්වරයා පත් කිරීමේ, නාමයෝජනා මණ්ඩලය පත් කිරීමේ, විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ඇතුළු සියලූම බලතල ලබා දීමට තීරණය කර තිබෙන බව හෙතෙම කියාසිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එක්සත් ජාතික පක්ෂය සිය නායකත්වය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිගටම කටයුතු කරන බවට ඊයේ තීරණය කළේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 16 දෙනෙකු එම හමුව පෙර නොදන්වා වර්ජනය කිරීමේ පසුබිමකදී ය.

ඝන පූරණය පැවැතීම හේතුවෙන් එම තීන්දුව ගත් අතර ඉදිරි අගමැති අපේෂකත්වය සඳහා ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන බවට එහිදී තීන්දු විය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !