නවතම පුවත්

කොළඹ-යාපනය නව ගුවන් සේවා හෙට සිට

අසංක

අසංක

කොළඹ සහ යාපනය නව ගුවන් සේවාව හෙට (01) සිට ආරම්භ කිරීමට නියමිතය .

රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම නව ගුවන් සේවය ක්‍රියාත්මක වේ.

ෆිටිස් ගුවන් සමාගම මෙම ගුවන් යානය යොදවා ඇති අතර . ATR 72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙනයා හැකි ගුවන් යානයක් අදාල සමාගම විසින් මේ සඳහා යොදවා ඇත.

රත්මලානෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ළඟා වන්නේ පෙ.ව. 8.30 ටය

නැවතත් පෙ.ව. 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිතය .

යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන් සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

කොළඹ හා යාපනයයට ගමන් කිරීම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 7500 කි.

ඒ අනුව කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹ පැමිණිම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 15000 ක් බව රාජපක්ෂ මහතා කියයි.

මීට පෙර යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේ දි එක් මගියෙකුගෙන් ඒ සඳහා රුපියල් 33,000 මුදලක් අය කෙරුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා