ක්‍රීඩකත්වය ආරක්ෂා කර ගැනීමට පුහුණු කළයුතු විනය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව තුළ බිහිවන පුද්ගල චරිත, පෞරුෂ, වෘත්තින් අතුරින් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමිවනු ඇත. මෙය ලොන සෑම රටකම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. ජපානයේ කනෝයා නගරයේ ඇති National Institute of Fitness and Sport (NIFS) ක්‍රීඩා අධ්‍යාපන ආයතනයෙහි එළිමහනේ ඉදිකර ඇති ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ සමරුව මෙයට එක් ආදර්ශයකි.

ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට තම ගෞරවය හෝ සමාජ පිළිගැනීම ලබා ගැනීමට පදක්කම් හෝ ජයග්රදහණ අත්යiවශ්යා වන්නේ නැත. අත්යයවශ්යි වන්නේ ඔහු හෝ ඇය ආදර්ශමත් සහ විනය ගරුකවීම පමණකි. ක්‍රීඩකයකු හෝ ක්‍රීඩකයකු පෞරුෂය සෙසු සමාජ පෞරුෂයන්ට වඩා වෙනස්වනුයේ ඔහු හෝ ඇය බොහෝවිට ජාතික සහ ජාත්‍යන්තර නියෝජනයක්වන බැවිනි. ජය පරාජය බුද්ධිමත් ලෙස සැමරීමටත්, විද ගැනීමටත්, ඔහු හෝ ඇය තුළ ක්‍රීඩා පුහුණුව තුළින් ගොඩනගාගනු ලබන විනය, නීතිගරුක බව සහ ශික්ෂණය බෙහෙවින් ඉවහල් වනු ඇත.

ඒ තුළින් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සමාජයට ආදර්ශයන් සපයන චරිතබවට පත්කරුනු ඇත. මේ නිසා විශේෂයෙන් ලාංකේය ක්‍රීඩා පරිසරය තුළක්‍රීඩකත්වය ගිලිහී යමින් ආවේගශීලි සහ සමාජයේ බොහෝ දෙනාගේ අප්රාසාදයට ලක්වන පුද්ගල චරිත බවට ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පත්ව ඇත.

ක්‍රීඩාව රැක ගැනීමට නම් ක්රීචඩකත්වය ආරක්ෂා කළ යුතුය. ක්‍රීඩකත්වය තමා තුළ ඇතිකර ගැනීමට නම් ක්‍රීඩා කුසලතාවන් පමණක් පුහුණුවීම ප්‍රමාණයවත් නොවේ. ඔබතුළ ස්වයං විනය සහ අධ්‍යාපනය තුළින් ලබාගනු ලබන දැනුම පමණක් නොව හික්මීමද ක්‍රීඩාව තුළින් පුරුදු පුහුණු කළ යුතුය. ක්‍රීඩා ජයග්‍රහණයන් හෝ පරාජයන් තුළින් බලාපොරොත්තුවන වරප්‍රසාද හෝ ගරුබුහුමන් ලබා ගැනීමට නම් ක්‍රීඩකයා / ක්‍රීඩිකාව ස්වයං ක්‍රීඩකත්ව විනය ආරක්ෂා කර ගත යුතුය. ජය පරාජයන් හිදි ඔබේ ක්‍රීඩකත්වය  ආරක්ෂාවන පරිදි තමා මෙහෙයවීමට අවශ්‍ය විනය ක්‍රීඩා පුහුණුවීම් තුළින් ලබාගත යුතුය.


අනෝමා රත්නායක

ජේෂ්ඨ කථිකාචාර්‍ය

ක්‍රීඩා විද්‍යාව හා ශාරිරික අධ්‍යාපන අධ්‍යන අංශය

කැළණිය විශ්ව විද්‍යාලය