නවතම පුවත්

කොරෝනා පරීක්ෂාවට වෛද්‍යවරු හිඟයක්

අසංක

අසංක

ජාතික වෛද්‍ය පර්යේෂණායතයේ පරීක්ෂණ ඒකකයේ වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුව ඇති බව වාර්තාවේ.

කොරෝනා වෛරසය යැයි සැකසහිත පුද්ගලයින්ගේ රුධිර සහ ඛේඨ සාම්පල සැලකිය යුතු ප්‍රමාණයක් දෛනිකව වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබෙමින් පවතින බැවින් මෙම හිඟය මතුව ඇත.

මේ වනවිට එම ඒකකයේ රාජකාරිවල නිරත වන්නේ වෛද්‍යවරුන් දෙදෙනෙක් පමණක් වන අතර අදාළ සාම්පල පරීක්ෂාව සඳහා තව ත් වෛද්‍යවරුන් දෙදෙනෙකු ලබාදෙන්නැයි වෛද්‍ය පර්යේෂණායතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍යවරුන් දෙදෙනෙකු වෛද්‍ය පර්යේෂණායතනයට යොමුකර දින කිහිපයක් ගතව ඇතත් ඔවුන් මෙතෙක් රාජකාරීයට වාර්තා කර නැත.

මේ හේතුවෙන් මේ වනවිට සේවයේ නිරත වෛද්‍යවරුන් දෙදෙනා කිසිදු විවේකයක් නොමැතිව අඛණ්ඩව රාජකාරී කටයුතුවල නිරත වන බව වාර්තා වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි