ආන්දෝලනාත්මක මහ බැකු බැදුම්කර වංචාවට අදාල තවත් සැකකරුවන් සීටි නම් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රහස් පොලිසියට නියෝග කර තිබේ.
බැදුම්කර වංචාවට අදාල නඩුව කැදවූ අවස්ථාවේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් දන්වා ඇත්තේ බැදුම්කර වංචාවට අදාල තවත් සැකරුවන් සිටින බවට ජනාධිපති විමර්ෂන කරන කොමිසම නිර්දේශ කර තිබුණද ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය අසමත් වී ඇති බවයි.
එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය බැදුම්කර වංචාවට අදාල මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති සියළුම සැකකුරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කලාය.
අදාල නඩුව ලබන අප්‍රෙල් 30 වන දා යලි කැදවීමට නියමිතය.
ඉෂාර රත්නකාර