පලඟැටි උවදුර හේතුවෙන් සෝමාලියාව තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති බව වාර්තාවේ.
එරට ආහාර සුරක්ෂිතතාවට මෙම උවදුර දැඩි බලපෑම් එල්ල වී තිබීම හේතුවෙන් මෙම හදිසි තත්වය ප්රකාශයට පත්කිරීමට සෝමාලි රජය තීරණය කර ඇත.
පවතින තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා ආධාරයෙන් කෘමිනාශක යෙදීමට සෝමාලියා දැනට සැලසුම් කර ඇත.
නැගෙනහිර අප්රිකා කලාපයේ රටවල් රැසක මේ වන විට එම උවදුර පැතිර ගොස් ඇති අතර ලබන ජුනි මාසය වන විට මෙම පලඟැටි උවදුර 500 ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවට අනුමාන කෙරේ