නවතම පුවත්

NSBM හරිත සරසවියේ බැංකු ගිණුමෙන් කෝටි 13ක් ඇදලා – 4ක් අත්අඩංගුවට

අසංක

අසංක

  • කොරියන් දෙදෙනෙකුත් හවුල්

ඒන්එස්බීඑම් හරිත සරසවියේ බැංකු ගිණුමේ රුපියල් මිලියන 130ක මුදලක් වංචනික ‌ලෙස ලබාගත් ‌කොරියන් ජාතිකයන් ‌දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තතමේන්තුව විසින් අද අත්අඩංගුවට ‌ගෙන තිබේ.

සූර්ය පැනල පද්ධති ව්‍යාපෘතියක් ‌මෙරට පවත්වාගෙන යන ආකාරයට සමාගමක් ලියාපදිංචි ‌කොට ඒම සමාගමේ ගිණුමට සරසවියේ මුදල් බැරකරමින් ‌මෙම මහා පරිමාණ වංචාව සිදුකර තිබේ.

ඒම සමාගමේ අධ්‍යක්ෂවරු සිව්දෙනෙක් සිටින අතර ‌කොරියන් ජාතිකයන් ‌දෙදෙනා ද අධ්‍යක්ෂවරුන් ය. ‌සෙසු තිදෙනා ‌මෙරට වැසියන් ය.

හරිත සරසවියේ ගණකාධිකාරිවරයාගේ ‌ඊ‌ෙමේල් ලිපිනය හැක් කර (අනවසරයෙන් ඇතුළු වී) ඔහුගේ ඊ‌මේල් ලිපිනයෙන් බැංකුවට ස්ථාවරය නියෝග නිකුත් කරමින් සරසවියේ මුදල් මිලියන 130ක් වනතුරු ලබාගෙන තිබෙන බව මුදලින් ‌කොටසක් ‌කොරියානු ජාතිකයන් ‌දෙදෙනා ඔවුන්ගේ රටවල ගිණුම්වලට බැරකර තිබෙන බවත් ලාංකිකයන් ‌දෙදෙනාට ඉතුරු මුදල් ලබාදී තිබෙන බවත් ‌හෙළිවෙමින් තිබේ.

මෙම ‌කොරියානු ජාතිකයන් ‌මෙරට තවත් ව්‍යාපාරික ආයතනවලට ‌මේ අයුරින් වංචා කර ඇති බවට ඇතිවූ සැකයක් මත ඔවුන් රදවාගෙන දීර්ඝ ‌ලෙස ප්‍රශ්න ‌කෙරෙන බව වාර්තා ‌වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්