මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.
මේ සඳහා ඉඩම් අක්කර 200 ක් දැනටමත් හඳුනාගෙන ඇති අතර , ඒ සඳහා ආයෝජකයන් සෙවීමේ කටයුතු ආරම්භවී ඇති බවද කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, අමාත්‍යංශය සඳහන් කර සිටී .
මෙම නව නිදහස් වෙළඳ කලාපය සැකසීමට අදාළ පරිසර ඇගයිම් වාර්තා ලබා ගැනීමටද අවශ්‍ය පියවර ගෙන ඇති බව වාර්තාවේ.
නව නිදහස් වෙළෙඳ කලාපය ස්ථාපිත කළ පසු ඊට අදාළ යටිතල පහසුකම් රජය විසින් ලබා දෙන බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කර ඇත.