නවතම පුවත්

ඩකා මෝටර් රැළියේ විස්තර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සවුදි අරාබියේදී පැවැති 2020 ඩකා රැළියේ මෝටර් රථ ශූරතාව දිනාගැනීමට පැය 42:59:17 කින් එහි අදියර 12 නිමා කළ ස්පාඤ්ඤයේ කාර්ලෝස් සේන්ස් සමත් විය. මෙවර රැළියේ අවසන් අදියරේ 6 වැනියා බවට පත් වූ සේන්ස්, ඩකා රැළියක සමස්ත ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය. මින් පෙර ඔහු 2010 සහ 2018 වසර වලදීද ඩකා රැළිය ජය ගෙන තිබිණ.

ඉකුත් වසරේදී (2019) පැවැති ඩකා රැළියේ ශූරයා බවට පත්වූ කටාර් රාජ්‍යයේ නසර් අල් අතියාට (පැය 43:05:38) වඩා මිනිත්තු 6 යි තත්පර 21 ක පරතරයක් තබාගනිමින් සේන්ස් රැළිය අවසන් කළේය. රැළියේ අවසන් අදියර ජයගැනීමට අල් අතියා සමත් වුවද, එහිදී ඔහුට තමා සහ සේන්ස් අතර පැවැති මිනිත්තු 10 ක පමණ පරතරය බිඳ දැමීමට නොහැකි විය.

මේ වන විට 57 වැනි වියේ පසුවන සේන්ස්ගේ සහයක රියදුරා ලෙස ස්පාඤ්ඤයේ ලූකස් ක්‍රස් කටයුතු කළේය. මුල් අදියර දෙකේදී වැඩි යමක් නොකළද, තෙවැනි අදියර ජයගැනීමත් සමග සේන්ස් සහ ලූකස් සමස්ත ලකුණු සටහනේ පෙරමුණට පැමිණියහ.

නැවතත් ක්‍රියාත්මක වූ සේන්ස් 5 වැනි අදියරත් ජයගනිමින් සෙසු තරගකරුවන් සහ තමා අතර පැවැති පරතරය මිනිත්තු 6 ක් දක්වා ඉහළ දමාගත්තේය. රැළියේ 7 වැනි අදියර ජය ගැනීමට සේන්ස් සමත්වන විට එම පරතරය මිනිත්තු 10 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. ඉන් නොනැවතුන සේන්ස්, මෙවර රැළියේ සිවුවැනි අදියර ජයත් වාර්තා කරමින් 10 වැනි අදියරේ ජයද තමන් සතුකර ගත්තේය.

සිවුවැනි අදියර ජය වාර්තා කරන විට සේන්ස්, සිය ප්‍රබලම ප්‍රතිවාදීන් දෙදෙනා වූ අල් අතියාට සහ ස්ටීවන් පීටර්හැන්සල්ට (පැය 43:09:15) වඩා මිනිත්තු 18 ක් පමණ ඉදිරියෙන් සිටියේය. රැළියේ අවසන් අදියර දෙකේදී වැඩි අවදානමක් නොගෙන තරග වැදීම සඳහා සේන්ස්ට එය මනා පිටුවහලක් විය.

දෙවරක් ෆෝර්මියුලා 1 ලෝක ශූරතාව දිනා සිටින ෆනෑන්ඩෝ ඇලන්සෝ සිය මංගල ඩකාර් රැළිය නිමා කලේ සේන්ස්ට වඩා පැය 5 කට පමණ පසුව සමස්ත රැළියේ 13 වැනි ලෙසිනි.


රැළිය නිමා කළ පළමු මෝටර් රථ රියැදුරන් දස දෙනා

1 කාර්ලෝස් සේන්ස් (ස්පාඤ්ඤය) – පැය 42:59:17
2 නසර් අල් අතියා (කටාර් රාජ්‍යය) – පැය 43:05:38
3 ස්ටීවන් පීටර්හැන්සල් (ප්‍රංශය) – පැය 43:09:15
4 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) – පැය 43:48:27
5 ගිනියෙල් ඩි’විලර්ස් (දකුණු අප්‍රිකාව) – පැය 44:06:26
6 ඕර්ලැන්ඩෝ තෙරනෝවා (ආජන්ටිනාව) – පැය 44:11:32
7 බර්නාඞ් ටෙන් බ්‍රින්කේ (නෙදර්ලන්තය) – පැය 44:17:51
8 මැතිව් සෙරදෝරි (ප්‍රංශය) – පැය 44:58:38
9 යසිර් සෙයිඩියන් (සවුදි අරාබිය) – පැය 46:41:34
10 වෙයි හැන් (චීනය) – පැය 46:50:24

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි