යාල වනෝද්‍යායට ඇතුළු වීමේ දී අධික තදබදය අවම කිරීමට අද සිට විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අදාල ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමේ හැකියාව පවතින බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
යාල වනෝද්‍යානයට ඇතුළු වීමේදී ඇතිවන තදබදය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් පැය ගණනක් එහි රැඳී සිටීම නිසා වරින් වර අර්බුදකාරී සිද්ධීන් ද පසුගිය දා වාර්තා විය.