නවතම පුවත්

STF මුල්පුටුවට ලයනල් ගුණතිලක නිර්දේශ කෙරේ

අසංක

අසංක

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ නම ජාතික පොලිස් කොමිසම විසින් නිර්දේශ කොට ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජාතික පොලිස් කොමිසම විසින් දීර්ඝ ලෙස කරුණු අධයනය කිරීමකින් පසු එම නිර්දේශය ඊයේ වන විට වැඩබලන පොලිස්පතිවරයාට යොමුකර ඇත.

ලයනල් ගුණතිලක මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස මේ වන විට සේවයෙහි නිරතව සිටී.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අධ්‍යක්ෂවරයා ව සිටි බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නමද විශේෂ කාර්ය බලකා නව ප්‍රධානියා ලෙස පත් කරනු ඇති බවට කියැවිණි.

මේ දෙදෙනා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුව ලයනල් ගුණතිලක මහතා ගේ නම නිර්දේශ කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන ඇත.

ලයනල් ගුණතිලක මහතාගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වී පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2023 වසරේ දී ය.

වරුණ ජයසුන්දර මහතා විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2036 වසරේ දී ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්