නවතම පුවත්

ඉදිරි මාස 3 තුළ ස්මාට් ඩ්‍රයිවින් ලයිසන් නිකුත් කිරීම මුළුමනින්ම රජයෙන්

අසංක

අසංක

ඉදිරි මාස 03 ඇතුළත ස්මාර්ට් රියදුරු බලපත්‍රය (Smart Driving license) නිකුත් කිරීමේ කාර්යය සම්පූර්ණයෙන්ම රජයට පවරා ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් යොමු කරන ලද වාචින ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ස්මාර්ට් රියදුරු බලපත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය 2009 වසරේ ආරම්භ වූවකි.

2016 වසරේ එම ව්‍යාපෘතිය රජයට පවරා ගැනීමට සිටියද ඇතැම් තාක්ෂණික කාරණා නිසා මේ වනතෙක් එය සිදුනොවිණි.

මෙම ව්‍යාපෘතිය තුළ කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති බවත් කැබිනට් මණ්ඩලයේදීද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

වාර්තාව ලැබුණු පසු ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා