අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට නීති විරෝධී ලෙස පොලිස් නිල රථයකින් ප්රවාහනය සැපයූ සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේම පොලිස් අධිකාරීවරයෙකුට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
ඔහුට මාරුවීම ලබාදී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය වෙතයි.
ප්රකාශයක් ලබා ගැනීම සඳහා ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවක නීති නීති විරෝධී අන්දමින් පොලිස් නිල රථයකින් ඉහත පොලිස් නිලධාරියා විසින් ප්රවාහන පහසුකම් සලසා තිබුණේ ප්රශ්න කිරීමෙන් අනතුරුව නිවසට යාම සඳහායි.
නීති විරෝධී කටයුත්තක් වන මේ පිළිබඳ විමර්ශනයක් ද මේ වන විට ක්රියාත්මක වේ.