කොළඹ අහස පෙරළියකට සැරසෙයි

Picture of අසංක

අසංක

දකුණු ආසියාවේ උසින් වැඩිම ගොඩනැඟිල්ල කොළඹ ඉදිකරමින් කොළඹ අහස්‌ කුස පරිවර්තනයකට ලක්‌කිරීමට සැලසුම් කර ඇති බව සීමාසහිත වන් ට්‍රාන්ස්‌වර්ක්‌ස්‌ ස්‌ක්‌වෙයාර් පෞද්ගලික සමාගම ප්‍රකාශ කර සිටී.

දකුණු ආසියාවේ උසින් වැඩිම ගොඩනැඟිල්ල ලෙස ඉදිවෙමින් පවතින කොළඹ “ද වන් ” ගොඩනැගිල්ලේ දෙවන කුළුනේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් එහි ඉදිකිරීම් කටයුතු භාර .වන් ට්‍රාන්ස්‌වර්ක්‌ස්‌ ස්‌ක්‌වෙයාර් පෞද්ගලික සමාගමේ ප්‍රධාන අළෙවි නිලධාරි ජයදීප් වහී මේ බව සඳහන් කළේය .

කුළුණු ත්‍රිත්වයකින් සමන්විත ‘ද වන්’ ගොඩනැගිල්ලේ සම්පූර්ණ උස මීටර 376 වන අතර පසුගියදා වැඩ ආරම්භ කල මෙම දෙවන කුලුනේ උස මීටර 303 ක් වේ. එය “ජේ ඩබ්ලිව් මැරියට් හොටෙල් ඇන්ඩ් රෙසිඩන්සීස් ‘ නමින් හැඳින්වෙ.

අති නවීන හෝටල් කාමර 256 කින්, නිවාස 206 කින් සමන්විත සහ උත්සව සඳහා වර්ග අඩි 200,000 වැඩි ඉඩකඩක් ඇති මෙම කුළුණෙහි උස මීටර් 303 කි. මෙම මැරියට් කුළුණෙහි 26 වැනි මහලෙහි සිට 70 දක්වා මහල් නිවාස සඳහා වෙන් කර ඇත. වර්ග අඩි 1235 සිට වර්ග අඩි 2730 දක්වා විශාලැති සුඛෝපභෝගී නිවාස ඇති අතර 65 සිට 70 දක්වා මහල්වල වර්ග අඩි 3900 සිට වර්ග අඩි 4700 දක්වා විශාලැති සුඛෝපභෝගී නිවාස පිහිටා ඇත.

. දී වන් ට‍්‍රාන්ස්වර්ක්ස් ස්කොයාර් සමාගමේ ප‍්‍රධාන අළෙවි නිලධාරි ජයදීප් වහී මේ සම්බන්ධයෙන් පැවසුවේ ” මෙම කුළුණ ව්‍යාපෘතියට සම්බන්ධ සැලසුම්කරුවන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ හවුල්කරුවන් , ජේ මැරියට් සමාගමේ තත්ව ප‍්‍රමිති පිලිපැදිය යුතු අතර ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන සමස්ත කාලය පුරා ඒවා නිසිපරිදි පිලිපැදීම සම්බන්ධයෙන් තක්සේරු කිරීම් සහ ඇගයීම් අඛණ්ඩව සිදුකරනු ලැබෙන බවයි.

මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන සැලසුම් උපදේශක වන්නේ චයිනා කන්ස්ට‍්‍රක්සන් ඩිසඉන් ඉන්ටර්නැෂනල් නැමති ජාත්‍යන්තර වශයෙන් පෙරමුණේ පසුවන වාස්තු විද්‍යා සහ ඉංජිනේරු උපදේශක සමාගමයි. මෙම අවස්ථාවට ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකි සිරිවර්ධන මහත්මියද එක්විය .

පැතුම් වික්‍රමරත්න