දෙකෙන් එකක් බේරගන්න කළමනාකරණ සහකාර නිලධාරින් දහස් ගණනක් කොළඹ ඇවිත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉල්ලීම් 13කට නිසි විසදුම් නොලැබීම හේතුවෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරින් දහස් ගණනක් සිය වෘත්තිය අරගලය ක්රිමයාත්මක කිරීම සදහා මේ වනවිට කොළඹ විහාර මහා දේව උද්‍යානය අසලට රැස්වී සිටිති.
මෙම වෘත්තිය වෘත්තීය සමගාමීව කළමනාකරණ සහකාර නිලධාරින් 73000කට ආසන්න සංඛ්‍යාවක් අද දින අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටින බව කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සදහන් කරයි.

රට පුරා සෑම ප්රිදේශයක් නියෝජනය වනපරිදි කළමනාකරණ සහකාර නිලධාරින් කොළඹට පැමිණීම හේතුවෙන් එම ආයතනවල දෛනික කටයුතු සියල්ල අඩපණ වී ඇතැයි වාර්තාවේ.

රාජ්‍ය කළමනාකරණ නිලධාරි නිල නාමය ලබාදීම, 3,2,1 ශ්‍රේණී සදහා එම්.එන් 4 වැටුප ලබාදීම, අධි පන්තිය සදහා එස්.එල් -1 වැටුප ලබාදීම, උසස්වීම් විභාග ක්‍රමය යළි ඇතිකිරීම ඇතුළු ඉල්ලීම් 13ක් යටතේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ගෙන ඇත.
මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාව සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්ද නිර්මාණය වී ඇති බව www.thecolomboexpress.com වාර්තාකරු සදහන් කරයි.

මෙම පිරිස අදාල විරෝධය පළ කිරීමේ බැනර, ෆෝස්ටර ප්‍රදර්ශවය කිරීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පා ගමනින් ගමන් කිරීමට නියමිතව ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග සදහන් කළේය. එම පාගමනේ අරමුණ විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයාගෙන් විසදුමක් නොමැති බැවින් ජනාධිපතිවරයාගෙන් ඒ සදහා විසදුමක් ලබා ගැනීම බව වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවැසීය.

රමේෂ් වරල්ලෙගම
ඡායාරූපය – බර්නාඩ් නිලන්ත