නවතම පුවත්

සජිත්ගේ නමත් ගෑවුණු මන්ත‍්‍රී චානක අත්අඩංගුවට ගැනීමේ කුමන්ත‍්‍රණය: SSP හෙට SIU එකට

අසංක

අසංක

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී.චානක මහතාගේ මෝටර් රථයට නීතිවිරෝධී යමක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් අරඹා තිබේ.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම විමර්ශනය සිදුකරන ලෙසට දැනුවත් කර ඇත.

ඒ අනුව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප‍්‍රශ්න කිරීම සදහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට කැදවා තිබේ.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ඉහත කී නීතිවිරෝධී ද‍්‍රව්‍ය මන්ත‍්‍රීවරයාගේ මෝටර් රථය තුළට දැමිය හැකිද යන්න එක්තරා තරුණයකයෙකුගෙන් විමසා තිබේ.

තරුණයා විසින් මේ පිළිබද ජාතික පොලිස් කොමිසමට දිවුරුම් ප‍්‍රකාශයක් ලබාදී ඇත.

තරුණයාගෙන් සහ දිවුරුම් ප‍්‍රකාශයට අත්සන් තැබූ නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද දිනයේ ප‍්‍රකාශ ලබාගෙන ඇත.

තරුණයා එම ප‍්‍රකාශයේදී පවසා ඇත්තේ ඉහත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් තමන්ට මේ පිළිබද පැවසුවේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ලේකම්වරයකු විසින් මෙම කොන්ත‍්‍රාත්තුව දුන් බව පවසමින් වන බවයි.

මෙම කාර්යය නියමාකාරයෙන් කළහොත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට පවසා තමාට හා පෙම්වතියට නිවසක්, රැකියා ලබාදීමට ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තරුණයාට පොරොන්දු වී ඇත.

දම්පත් රණසිංහ

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි