නවතම පුවත්

පාසල් ළමුන්ගේ අධ්‍යාපන චාරිකා ගැන නව නීති ඇතුළත් චක්‍රලේඛයක්

අසංක

අසංක

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සඳහා ගෙනයාම සම්බන්ධයෙන් නව නීති ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පසුගිය දා කන්තලේ ගෝමරංකඩවල මැදවච්චිය වැවේ දිය නෑමට ගොස් පාසල් සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය හේහේතුකොටගෙන මෙම පියවර ගෙන ඇත.

අධ්‍යාපන චාරිකා සංවිධාන කිරීමේදී දුර ප්‍රමාණය සම්බන්ධයෙන් නව නීති ඇතුළත් කිරීමට ද නියමිතය.

ඊට අමතරව සිසුන් නැරඹීමට අපේක්ෂිත ස්ථාන, නවාතැන් ගන්නේ නම් එම ස්ථාන සහ අදාළ දුර ප්‍රමාණ පිළිබඳව ද සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම චක්‍රලේඛය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු විදුහල්පතිවරුන්ට යොමු කෙරේ.

මේ අතර කන්තලේ ගෝමරංකඩවල මැදවච්චිය වැවේ දිය නෑමට ගොස් පාසල් සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට , තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඔවුන් සකසන වාර්තාව දින 14 ක් ඇතුළත ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලබා දීමට නියමිතයි.

එම කමිටුවට පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නියොජිතයෙකු සහ පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු ඇතුළත් ය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි