පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ රාජකාරි කටයුතු මාර්තු 31 වැනිදා සිට අවසන් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
පොලිස්පතිවරයා මේ වනවිට ජපානයේ සංචාරයක නිරත වී සිටියි.
එම සංචාරය නිමකොට ඔහු පැමිණි වහාම බලධාරීන් ඔහු සමග මේ පිළිබ
ද සාකච්ඡ කිරීමට නියමිතය.
දැනට පොලිස්පතිවරයා වෙත තවත් වසරක කාලයක් රාජකාරි කටයුතු කිරීමේ හැකියාව පවතී.
එසේ තිබියදී පොලිස්පතිවරයාගේ වැඩ අවසන් කිරීමට බලධාරීන් කටයුතු කිරීමට අපේක්ෂා කරන අතර ඔහුට තානාපති ධුරයක් ලබාදීමේ සූදානමක් ද පවතී.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ වනවිටත් බරපතළ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ.
දම්පත් රණසිංහ