ප්‍රදේශ රැසක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අධික උණුසුම් තත්ත්වයක් ඉදිරි දිනකිහිපය තුලද අපේක්‍ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව මෙහිදී සදහන් කර ඇත.
ඒ අනුව වැඩි කාලයක් අව් රශ්මිය පවතින අවස්ථාවල එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීමේ ආබාධ තත්ත්වයන් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙ.
අධික උෂ්ණත්වය පවතින මෙම කාලසීමාවේදි වැඩි වශයෙන් ජලය පානය කරන ලෙස මෙහිදී ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම එළිමහනේ නවතා තබන රථ වාහන තුළ කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසද මෙහිදී විශේෂ ඉල්ලීමක් කර ඇත.