නවතම පුවත්

දිනේෂ් ජිනීවාහිදී ලෝකයට කියූ දේ..

අසංක

අසංක

ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දැක්වු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමින් අද දින නිල වශයෙන් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දැක්වු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ දේශීය යාන්ත්‍රණයක් හරහා සංහිඳියාව ඇති කිරීමට රජයට වැඩපිළිවෙලක් පවතින බවද අමාත්‍යවරයා ජීනිවා සැසිවාරය අමතමින් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එහි නියෝජිත ආයතනත් සමග අඛණ්ඩව කටයුතු කරමින් දේශීය ප‍්‍රතිපත්තිවලට අනුකූලව ඔවුන්ගෙන් අවශ්‍ය පරිදි සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය

දේශීයව නිර්මාණය කරනු ලැබ කි‍්‍රයාත්මක කෙරෙන සංහිදියා හා වගවීමේ යාන්ත‍්‍රණයක් මගින් තිරසර සාමය ළඟා කර ගැනීමට රජය කැපවී සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්