වඳින්න ගිය දේවාලෙදි දැරියට අතවර: ‘රත්තරන්’ අත්අඩංගුවට ගැනීමට සොයයි

Picture of අසංක

අසංක

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වීම නිසා දකුණු පළාත් සභා මන්ත‍්‍රී කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර හෙවත් ‘රත්තරන්’ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

මන්ත‍්‍රීවරයා ගාල්ල අක්මීමන ප‍්‍රදේශයේ තම නිවස ආශ‍්‍රිතව දේවාලයක් පවත්වාගෙන යන අයෙකි.

ඔහු එහි ශාන්තිකර්මයක් සිදුකර ගැනීමට පැමිණි 14 හැවිරිදි දැරියකට පූජා කටයුතු අවසානයේ ලිංගික අතවර කළ බවට ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කොට තිබිණි.

මෙම සිද්ධියට අදාළව මන්ත‍්‍රීවරයා ඉදිරි දිනවලදී පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

දම්පත් රණසිංහ