උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

බස්නාහිර, වයඹ, සඹරගමුව, දකුණු පළාත්වල සහ මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය ඉදිරි දින කිහිපය ඇතුලත සෙල්සියස් අංශක 41 දක්වා ඉහල යාමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී .

මෙසේ සෙල්සියස් අංශක 41 දක්වා ඉහල යන්නේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන බවත් එම උෂ්ණත්වය මිනිස් සිරුරට අහිතකර බවත් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මෙවැනි අවස්ථාවලදී විජලනය, මස්පිඬු පෙරළීම හා අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් මේ පිළිබඳ වැඩි විමසිල්ලක් දැක්විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව ප්රකාශ කර සිටී .

එම ප්‍රදේශවල ජනතාව වැඩිපුර ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදෙන ලෙසත් කාලගුණ විදයා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී