නවතම පුවත්

මත්කුඩු තොග සහිත ඉරාන නෞකාව දික්ඕවිට වරායට

අසංක

අසංක

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ඉරාන නෞකාව සැකකරුවන් සමග අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත ගෙනැවිත් තිබේ.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම නෞකාව අත්අඩංගුවට ගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙරය.

මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් පමණ සොයා ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ මිල රුපියල් මිලියන 6000 ක් බව පැවැසේ.

ඉරාන සහ පකිස්ථාන ජාතකයින් ද ඇතුළු සැකකරුවන් 28 ක් මෙම නෞකාවේ සිට ඇත.

ඉරාන සැකකරුවන් 12ක්, පාකිස්තාන ජාතිකයන් 5 ක් හා ශ්‍රී ලාංකිකයන් 4ක් ද ඒ අතර වේ.

පසුගිය මාස 14 තුළදී නාවික හමුදාව හෙරොයින් කිලෝග්‍රෑම් 1162 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කේරළ ගංජා කිලෝග්‍රෑම් 5000 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 ක් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්