කොරෝනාවලට එරෙහි එන්නත් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය-අමෙරිකාව සූදානම්

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් පළමු වරට මිනිසුන් යොදාගෙන අත්හදා බැලීම ලබන මාසයේදී සිදුකරන බව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලය සහ අමෙරිකාවේ ඖෂධ සමාගමක් නිවේදනය කර ඇත.

ලන්ඩනයේ පිහිටි ඉම්පීරියල් විශ්ව විද්‍යාලය නව කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත සතුන් යොදා ගනිමින් පරීක්ෂණ සිදුකිරිම ඉකුත් පෙබරවාරි මාසයේදී ආරම්භ කරනු ලැබු අතර එය සාර්ථකවීමත් සමග ලබන මසදී මෙසේ මිනිසුන් යොදා එය අත්හදා බැලීමට සැලසුම් කර ඇත…

මිට අමතරව අමෙරිකාවේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Moderna and Inovio නිවේදනය කර සිටියේ ඔවුන් ද ලබන මාසයේදී කොරෝනා වෛරසය සඳහා නිපදවූ එන්නත මානව අත්හදා බැලීම් සඳහා සුදානම් වන බවය.