අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල ශාඛා රටපුරා

Picture of අසංක

අසංක

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ,දිවයින පුරා තෝරාගත් ප්‍රදේශ රැසක ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින් හට තම කාර්යාලය වෙත ප්‍රවේශය පහසු කිරීම උදෙසා මෙලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රාදේශිය කාර්යාල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහන් කළේය.

එහි පළමු පියවර වශයෙන් මන්නාරම සහ මාතර යන ප්‍රදේශවල අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ ප්‍රාදේශිය කාර්යාල පිහිටුවිමට නියමිතව තිබේ.

වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දිගින් දිගටම කටයුතු කරන බව අතුරුදන්වූ තැනැත්න් පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශකයකු Colomboexpress.com වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් සඳහන් කළේය.

පැතුම් වික්‍රමරත්න