නවතම පුවත්

කොරෝනා නිසා ශ්‍රිලන්කන් කුවේට් ගමන් නවතියි

අසංක

අසංක

කොරෝනා හේතුවෙන් තම රටට පියාසර කරන ශ්‍රිලන්කන් ගුවන් යානා ද නවතා දමන බව කුවේට් ගුවන් සේවා සමාගම ශ්‍රි ලංකාවට දැනුම් දී තිබේ.


ඒ අනුව අද පටන් කුවේට් බලා පියාසර කිරීමට ශ්‍රිලන්කන් ගුවන් සේවයට ඉඩ නොලැබෙනු ඇත.

එසේ වුවද කුවේට් එයාර්වේස් ඇතුළු ඔවුන් අනුමත ගුවන් සේවා එරටට ක්‍රියාත්මක වන බව ගුවන් සේවා ආරංචි මාර්ග සදහන් කරයි.


ශ්‍රි ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය නොමැතිව තිබියදී මෙවැනි නිවේදනයක් කුවේට් රාජ්‍යයෙන් ලැබීම සම්බන්ධයෙන් ගුවන් සේවා නිලධාරින් විමතිය පළ කර තිබේ.


කෙසේ වෙතත් ශ්‍රිලන්කන් ගුවන් සේවය මෙයට පෙර චීනයේ බීජිං , ෂැංහයි සහ ග්වැන්ෂෝ දක්වා වු ගුවන් ගමන් මෙම මස 10 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබිණි.


ඊට අමතරව සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්දේශ මත එරට වෙත යන ගුවන් ගමන් ද මාර්තු මස 15 වැනි දින සිට අප්‍රේල් මස 30 වැනිදින දක්වා අත්හිටුවා ඇති බව ශ්‍රිලන්කන් සන්නිවේදන අංශය පසුගියදා නිවේදනය කළේය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !