නවතම පුවත්

චීන-ලංකා ගුවන් ගමන් අත්හිටුවයි

අසංක

අසංක

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.


මෙම මස 10 වැනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ මෙලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද ශ්‍රීලන්කන් ගුවන්සේවය නිවේදනය කර ඇත.


“කෝවිඩ් 19” ව්‍යාප්ත වීමත් සමග ලොව බොහෝ ගුවන් ගමන් චීනය වෙත ගුවන් ගමන් සීමා කළ ද ශ්‍රී ලංකන් ගුවන් සේවය අඛණ්ඩව චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සිදුකළ බවත්, පවතින තත්ත්වය අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවත් එම සමාගම පවසයි.

කෙසේ වෙතත්, පවත්නා තත්ත්වය යහපත් අතට පත් වුවහොත් අප්‍රේල් 30 වැනි දිනට පෙර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ සඳහන් ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ බේජිං, ශැන්හායි හා ග්වාන්සූ වෙත තම ගුවන් ගමන් වල නිරත වෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා