දිස්ත්‍රික් 8ක් උණුසුම් වී ලක්ෂ 3ක් අමාරුවේ

Picture of අසංක

අසංක

දිවයින පුරා දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 298,132 ක් පීඩාවට පත්ව සිටින බව වාර්තාවේ.

ඒ අතර පවුල් 74796 ක් වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී .

කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් දැඩි පීඩා එල්ලවී තිබේ.

ඒ අතරින්ද වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයට වන අතර .වියළි කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175 ක පුද්ගලයින් 215525 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ඉදිරි දින කිහිපයේත් පවතින උෂ්ණාධික කාලගුණය අපේක්ෂා කරන බව මධ්‍යස්ථානය සඳහන් කර සිටී