නවතම පුවත්

“මහත් හොරු” වෙනුවට ‘මහත්වරුන්ගෙන්’ පාර්ලිමේන්තුව පුරවමු

අසංක

අසංක

මහත්මා දේශපාලනය යළි මෙරට ස්ථාපිත කළ හැකි පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතුව ඇති බවත් එහිදී ජනතාවට මෙන්ම පක්‍ෂ නායකයින් වෙතද විශාල වගකීමක් පැවරෙන බවද සුපිළිපන් පාර්ලිමේන්තුවක් උදෙසා ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටී.

සොරුන්ට දූෂිතයින්ට තවදුරටත් නාමයෝජනා ලබාදීමට පක්‍ෂ නායකයින් ක්‍රියාකරන්නේ නම් පක්‍ෂ භේදයකින් තොරව ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළ ගැසිය යුතු බවද ”සුපිළිපන් පාර්ලිමේන්තුවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අචාර්ය බුද්ධික අධිකාරි මහතා සඳහන් කළේය.

මෙරට දේශපාලනය වැටී ඇති තැනින් ඔසවා තැබිය හැක්කේ රට දැයට ආදරය, කරන දේශප්‍රේමීත්වය පදනම් කරගත් පිරිසකට පමණක් වනබවද ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැතී මාධ්‍ය හමුවකදී අධිකාරි මහතා පැවසීය.

මෙවන් නව වෙනසක් රට තුල ඇති වනු දැකීම මෙරට මහජනතාවගේ අපේක්ෂාව වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්‍ෂ 69 ඉක්මවූ විශාල ජන්ද ප්‍රමාණයක් ලැබීම තුලින් ඒ බව තහවුරු වන බවත් අධිකාරී මහතා මෙහිදී පැවසීය .

මෙහිදී අදහස් දැක්වූ සුපිලිපන් පාර්ලිමේන්තුවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සභාපති මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ මහතා මෙසේ පැවසීය.

මේ වනවිට අපේ රට ගොඩ ගන්න පුළුවන් මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් හදාගන්න අසමත් ජනතාවක් ලෙස අප ඉතිහාසගත වී හමාරයි.

මේකට මුලින්ම වගකියන්න ඕනේ දේශපාලන පක්ෂ නායකයන්.මොකද නුසුදුස්සන්ට නාමයෝජනා දෙන්නේ ඒ අයයි.

ඊලගට ඒ නාමයෝජනා ලබන අයගෙන්ද සුදුසු අය වෙනුවට නුසුදුසුම පුස්සන් තෝරා රජසබයට යවන්නේ ඡන්දදායකයයි.ඒ නිසා මේ රටට සිදුවී ඇති මේ පරිහානියට දේශපාලඥ⁣යා වගේම ජනතාවත් අනිවාර්යෙන්ම වගකිව යුතුයි.

එළඹෙන මැතිවරණයේදී අප මේ තත්වය වෙනස් කල යුතුයි.

මෙම වෙනස සිදු කරන්න ජනතාව පෙරට ආ යුතුය.පක්ෂ නායකයන් හොරුන්ට, දූෂිතයන්ට, රටට, ජාතියට අාදරය නොකරන, සංවරය, ආචාරශීලි බවක් නැති, පුස්සන්ට තවදුරටත් නාමයෝජනා දෙන්නේ නම් පක්ෂ භේදයකින් තොරව ජනතාව ඔවුන්ව ප්‍රතික්⁣ෂේප කළ යුතුය.

සුපිලිපන් පාර්ලිමේන්තුවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ ලේකම් හා මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියේ එළඹෙන මහමැතිවරණයේදී තමන්ට ලැබෙන සුළු පුද්ගලික වාසි හා ලාභ ගැන නොසිතා රට ගැන සිතා ජන්දය භාවිතා කිරීමට ජනතාව පෙළ ගැසිය යුතු බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා