ලොව පුරා කොරෝනා රෝගීන් එක් ලක්‍ෂ නවදාස් නවසිය තිස් හයක් වාර්තා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද වන විට ලොව පුරා රටවල් රැසකින් කොරෝනා රෝගීන් වාර්තා වී තිබෙනවා. චීනය සහ ඉතාලියට අමතරව දකුණු කොරියාව, ඉරානය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, අමෙරිකාව, ජපානය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයෙන්ද රෝගීන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මීට අමතරව බි‍්‍රතාන්‍ය, නෙදර්ලන්තය, ස්වීඩනය, බෙල්ජියම, නෝර්වේ, සිංගප්පූරුව, හොංකොං,  ඕස්ටේ‍්‍රලියාව සහ මැලේසියාවෙන්ද රෝගීන් වාර්තා වී තිබෙනවා.

මේ, වනවිට ලොව පුරා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව (109,936) ක්. මරණ 3,806 ක් වාර්තා වනවා.