මේ වන විට රට පුරාම පවතින උෂ්ණත්වයේ වැඩිවීම දිස්ත්‍රික්ක පහකට දැඩි උණුුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණ යන පළාත්වලට මෙසේ දැඩි උණුසුම් සහිත කාලගුණයක් අද දිනයේ වාර්තා විය හැක.
එසේම මීට අමතරව මොණරාගල දිස්ති‍්‍රක්කයට ද උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කෙරුණේ.
මිනිස් සිරුරට දැනෙන තරමේ උණුසුමක් අද දිනයේ අපේක්ෂා කෙරෙන අතර මෙම කාලගුණික තත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. වැඩි වශයෙන් ජලය පානය කිරිම සහ හිරුරැසින් ආරක්ෂාවීම කල යුතු බවත් පැවසෙනවා.