ඉන්දියාව පරාජය කරමින් විස්සයි 20 කාන්තා ලෝක ගූරතා අවසන් මහා තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙල්බර් නුවරදී ඊයේ (8) සමත්වුහ.
හත්වැනි වරට පැවැති ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීද ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව හමුවීම විශේෂත්වයකි.
‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති එම තරගය ලකුණු 17කින් ජය ගනිමින් ලෝක කුසලාන සටන ඇරැඹු ඉන්දියාව ඉතිහාසයේ පළමු වරට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට පිවිසියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසිනි.
ඒසේ වුවද හර්මන්ප්‍රීට් කොවුර්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමට අවසන් තරගයේදී කැපී පෙනෙන දක්ෂතා අතරට එක්වීමට නොහැකි විය.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කලුළු 4කට ලකුණු 184 ලබා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 19.පන්දු එකකදි සියල්ලන්ම දැවී ලබාගත හැකිවුයේ ලකුණු 99 පමණි.
තරගයේ වීරවරිය ඇලිසා හීලි, තරගාවලියේ වීරවරිය බෙත් මූනි දිනා ගත්තාය.