අද සිට ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන ගුවන් මගීන් සියලු දෙනා අද සිට නිරෝධායන කටයුතුවලට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා ඒ අනුව මඩකලපුව පූනාහි ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සහ අවශ්‍ය වුවහොත් අනෙකුත් මධ්‍යස්ථාන වලට මෙම රටවල සිට පැමිණෙන මගීන් යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරා.
සෙසු රටවල සිට යළි දිවයිනට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවෙස් තුළම රැදී සිටින ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කළා.
මෙම කාලසීමාවේ හැකිතාක් විදෙස් සංචාරවලින් වැළකී සිටින ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.