බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කරන්න ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර ඇත.
, පෙත්සම විභාගයට ගෙන අවසන් කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 6 වනදා නිකුත් කළ වරෙන්තුව ඉවත් කරන ලෙස මෙහිදී කරුණානායක මහතා ඉල්ලා ඇත.
තමා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නිකුත් කර ඇති නියෝගය ඉවත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාව අත්හිටුවන්නැයි පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
එමෙන්ම මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ විභාග කිරීමෙන් ඉවත් කරන්නැයි ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.