කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ නිව් යෝර්ක් හි පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව යලි දැනුම් දෙන තුරු මහජනතාවට එම කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට නොහැකිවනු ඇත.
සාමාන්‍ය ජනතාවට නිව් යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සිදු කරනු ලබන සංචාරයන් නතර කිරිමටද එම කාර්ය මණ්ඩලය මෙහිදී තීරණය කර ඇත.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සඳහා පමණක් කාර්යාල යේ ඇතැම් කොටස් භාවිතා කිරීමට ජගත් සංවිධාන නිලධාරීන්ට සීමිත අවස්ථාව සලසා ඇති බවටද තොරතුරු වාර්තාවේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවය.
කෙසේ වෙතත්නි ව් යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ කිසිදු සේවකයෙක්ට මේ දක්වා කොරෝනා වෛරසය වැලදී ඇති බවට වාර්තා වේ නැත .