නවතම පුවත්

දෙමටගොඩ කුඩු රුවන්ගේ සැප මාළිගයෙන් ‌ STF එකට හමුවූ වස්තුව මෙන්න

අසංක

අසංක

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ‌දෙමටගොඩ ප්‍රදේශය ආශ්‍රිතව අද පස්වරුවේ දියත් කළ විශේෂ වැටලීමේදී පාතාල නායක දෙමටගොඩ චමින්දගේ ‌‌‌‌සහෝදරයා වන රුවන් නමැත්තා‌ෙගේ නිවසේ තිබී ‌හමුවූ ගිනිඅවිවල හා මත්කුඩුවලට අමතරව සුඛෝපභෝගී වාහන, මුදල් හා රත්රන් විශාල ‌‌තොගයක් ද හමුවී තිබේ.

ඒස්ටීඒෆ් නිලධාරීන් රුවන්ගේ නිවස වැටලූ අවස්ථාවේදී ඔහු පලාගොස් ඇති අතර ඒම නිවස සුඛෝපභෝගී නිවසක් බව ද ඒ් තුළ තිබී ගිනිඅවි හා මත්කුඩු ‌තොග හමුවූ බව වාර්තා ‌වේ.

මහල් කිහිපයකින් යුත් ඒම නිවසේ ඉහළම මහල කායවර්ධන ඒ්කකයක් ‌‌පිහිටුවා ඇති බවත් පැවසේ.

පසුගියදා පැවැති එම ප්‍රදේශයේ විහාරයක කථින පිංකම භාරව සිට ඇත්තේ ‌ෙමෙම රුවන් නමැත්තාගේ පවුල ය.

මීට ‌පෙර ඒ් ආශ්‍රිත විහාරවල ‌පෙරහැරවල් සදහා ‌පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියද ‌ලැබී ‌නොමැති මුත් ‌මෙම කථින ‌පෙරහැර ‌වෙනුවෙන් ‌පොලිස් හදිසි ඇමතුම් 119 ජංගම ‌‌මෝටර් රථයක්, ජංගම ‌පොලිස් යතුරුපැදි හා ‌පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ‌යොදවා දැඩි ‌පොලිස් ආරක්ෂාවක් ලබාදුන් බව වාර්තා ‌වේ.

පාතාල නායක දෙමටගොඩ චමින්ද, භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවකු වී මරණ දඩුවම ලබා සිරගතව සිටියි.

දම්පත් රණසිංහ

දෙමටගොඩ කුඩු රුවන්ගේ නිවසින් හමුවූ ආයුධ
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා