ඉදිරි මහ මැතිවරණයේදී හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයට සහය ලබාදීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය තීරණය කර ඇත.
ඒ අනුව ඉදිරියේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සහය දක්වන ශ්‍රීලනිප සාමාජිකයින් කිහිපදෙනෙකුද සමාහි බලවෙහයට සහය පළකරමින් එම පිලට එක්වනු ඇති බවට තොරතුරු වාර්තාවේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා මේ දක්වා මේ සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කර නොමැත.
කෙසේ නමුත් ඔහුගේ නායකත්වයෙන් පසුගියදා පිහිටවූ නව ලංකා නිදහස් පක්ෂයේ සහය ඉදිරියේදී සමගි ජන බලවේගයට හිමිවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී