නවතම පුවත්

මන්ත්‍රී කුමන්ත්‍රණය ගැන සජිත්ගේ ‌ලේකම්වරයකුගෙන් ප්‍රශ්න කිරීමට යයි

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතාගේ ‌‌මෝටර් රථයට මත්කුඩු දමා අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ‌චෝදනා ඒල්ල වූ තංගල්ල ‌‌‌කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ ‌පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා එම ‌චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ‌පොලිස් විශේෂ විමර්ශන ඒ්කකය විසින් ‌පොලිස් අධිකාරිවරයාගෙන් අද ‌මේ පිළිබද ප්‍රශ්න කළ අවස්ථාවේ දී ය.

කෙසේවෙතත් එය එකවර පිළිගත ‌නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ‌ලෙස විමර්ශන පැවැත්වෙන බවත් ‌පොලිස් විශේෂ විමර්ශන ඒ්කකයේ උසස් නිලධාරියෙක් The Colombo Express ‌වෙත පැවැසීය.

මෙම විමර්ශන අවසන් වනතුරු ලක්සිරි ගීතාල් ‌මහතා තංගල්ල ‌පොලිස් ‌කොට්ඨාශ‌ෙයෙන් ඉවත් ‌කරන ‌ලෙස ‌පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා බව ඔහු කීය.

ලක්සිරි ගීතාල් මහතා සමග ‌මෙම සැලසුම කළ බව කියන සජිත් ‌ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ‌ලේකම්වරයකුගෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

දම්පත් රණසිංහ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා