නවතම පුවත්

ලොව වේගවත්ම පරිගණකය කොරෝනා මැඩලන රසායනික 77 සොයාගනී

අසංක

අසංක


ලෝකයේ වේගවත්ම පරිඝනකය ලෙස සැලකෙන අයි බී එම් ආයතනයේ නිෂ්පාදිත සමිට් පරිඝනකය මේ වනවිට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කල හැකි රසායනික ද්‍රව්‍ය 77ක් හඳුනාගෙන ඇති බව අමෙරිකාවේ ඕක් රිජ් ජාතික රසායනාගාරය අනාවරණය කර සිටී.

සමිට් පරිඝනකය අනාවරණය කරගත් මෙම සුවිශේෂී දත්තයන් , කොරෝනා වෛරසයට එරෙහි ඖෂධයන් නිෂ්පාදනයේදී අතිශය වැදගත් වන බවද මෙම ජාතික රසායනාගාරය සඳහන් කර ඇත.

කොරෝනා වෛරසය මිනිස් ශරීරයේ සෛල හරහා ව්‍යාප්ත වීම පාලනය කල හැකි වඩාත්ම සාර්ථක රසායනික සංයෝගය කුමක්ද යන්න ,හඳුනාගැනීම සඳහා සමිට් පරිඝනකය ඉතා කෙටි කාලසීමාවක් තුල රසායනික ගණනය කිරීම් හා සමාකරණ දහස් ගණනක් සිදු කර ඇති බවත් , ඒ අනුව , . මෙම සාර්ථක ප්‍රතිඵලයන් ලබාගැනීමට එයට හැකියාව ලැබී ඇති බවත් ඔක් රිජ් රසායනාගාරය සඳහන් කර ඇත

ඉදිරියටත් මෙම සුපිරි පරිඝනකය භාවිතා කර මෙවැනි ගණනය කිරීම් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ හරහා මෙවැනිම වැදගත් දත්ත රැසක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවත් ඔක් රිජ් රසායනාගාරය සඳහන් කර සිටී

මේ දත්ත භාවිතා කරමින් , කොරෝනා වෛරසයට එරෙහිව වාඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මකවිය හැකි ඖෂධ නිෂ්පාදනය කිරීමට අවස්තාව ලැබෙනු ඇති බවද ඇමෙරිකානු ජාතික රසායනාගාරය ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා