සියලුම තැපැල් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
විදේශ රටවලින් පාර්සල් හා තැපැල් භණ්ඩ මධ්‍යම තැපැල් හුවමාරුවේ දැනට රඳවා තබා ගැනෙන අතර රටේ තත්ත්වය යහපත් වූ පසු ඒවා බෙදාහැරීමට කටයුතු කරන බවත් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
වැඩිහිටි රෝගාධාර ගෙවීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ මගපෙන්වීම මත මෙම තීරණය ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .