පාකිස්ථාන ගුවන් හමුදාවේ අත්අඩංගුවට පත්වූ ගුවන් නියමු අභිනන්දන් වරත්මාන් ඉන්දියා පකිස්ථාන දේශ සිමාව හරහා ඉන්දියාව පැමිණීමේ සජීවි විකාශය
![YouTube player](https://i.ytimg.com/vi/PTt1iMSI7pk/maxresdefault.jpg)
පකිස්තාන අත් අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් මීට සුළු වෙලාවකට පෙර පංජාබයේ, වගා ප්‍රදේශයේ ඉන්දු පකිස්තාන දේශසීමාවෙදී නැවත ඉන්දියානු ආරක්ෂක නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවේය.
ඉන්දීය ගුවන් නියමුවා නිදහස්වීම දැක ගැනීම සඳහා ඔහුගේ දෙමව්පියන්ද අද උදෑසන චෙන්නායි සිට දිල්ලි නුවර දක්වා පැමිණ සිටියහ
එසේම ඉන්දීය ගුවන්ඔ නියමුවා භාර දෙන අවස්ථාව දැක බලාගැනීම සඳහා ත් විශාල ජනකායක් ඉන්දීය දේශසීමාව අසල රැදි සිටියහ. ඉන්දීයාවේ සමාජ මාධ්‍ය තුළ වීරයෙකු බවට පත්වු ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා පංජාබයේ, වගා හී පිහිටි ඉන්දීය පාකිස්ථාන දේශසීමාව අසළදී අද පස්වරු 3 ට පමණ භාරදීමට නියමිතව තිබුණු නමුත් පසුව එය තරමක් ප්‍රමාද විය . පසුගිය අඟහරුවාදා කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට පාකිස්ථානය වෙඩි ප්‍රහාර එල්ල කිරිමත් සමග එක් යානයක් පාකිස්ථාන පාලන ප්‍රදේශයට හා අනෙක් යානය ඉන්දිය පාලන ප්‍රදේශයට කඩා වැටුණේය. එහිදී පාකිස්ථාන ප්‍රදේශයට කඩා වැටුණු ‘MiG21’ වර්ගයේ ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානයේ සිටි ගුවන් නියමුවෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් තම භාරයට ගනු ලැබුවේය. දෙරට අතර ඇතිවු යුද ගැටුම සමනය කරනු වස් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (28) සිය පාර්ලිමේන්තුව අමතමින් දෙරට අතර “සාමය සඳහා වූ පියවරක්” ලෙස ඉන්දීය ගුවන් නියමුවා නැවත ඉන්දියාව වෙත භාර දෙන බව ප්‍රකාශ කළේය .
පැතුම් වික්‍රමරත්න /උමංග බණ්ඩාර