බීලා කාන්තාවන් දෙදෙනෙකු හැප්පු ලාල්කාන්ත අත්අඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ ඞී ලාල්කාන්ත අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පැදවු කැබ් රථය කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

එම කාන්තාවන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. අනතුර සිදුවන අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලාල් කාන්ත බීමතින් සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

මීට වසර කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ ජිප් රථය ද කණුවක ගැටී අනතුරක් වී තිබුණි.

එහිදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ බීමතින් රිය පැදවීමේ චෝදනාව මතයි.

කෙසේවෙතත් පසුව විජිත හේරත් මන්ත්‍රීවරයා වෛද්‍යවරයකු හමුවට ද ඉදිරිපත් කර තිබූ අතර ඔහුට එරෙහි නඩුවෙන් නිදහස් වී තිබුණි.

ඉෂාර රත්නාකාර/ දම්පත් රණසිංහ