මෙරට නව කොරෝනා ආසාදිතයින්ගේ පැතිරීම සහ රෝගීන් හමුවීම ඊයේ වන තුරු ඉතාලියට වඩා ඉහළ මට්ටමක පැවතුණත් අද වන විට අප යම් යහපත් ස්ථානයක සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
මෙරට පළමු කොරෝනා වෛරසය ආසාදිතයා හමුවී ගතවූ මුල් දින දහය තුළ ඉතාලියට වඩා වැඩියෙන් කොරොනා රෝගීන් පැවතුණු නමුත් අද දිනය වන විට එය ඉතාලියට වඩා ඉතා පහළ අගයක් ගත් බව ඔහු සඳහන් කළේය.
එසේ වුවත් එම අඩුවීම මෙලෙසින්ම පවතී යැයි සඳහන් කළ නොහැකි බව ද ඔහු පැවසීය.
කොරෝනා රෝගය වැළඳුණු යම් පුද්ගලයකුට ඔහු එකවරම පූර්ව දැනුම්දීමකින් තොරව නොපැමිණිය යුතුය.
අවම වශයෙන් රෝහලට පැමිණිය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා දුරකථන ඇමතුමක් ලබා දිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
රෝගියකු අනාරක්ෂිත ලෙස පැමිණියහොත් රෝහල් කාර්ය මණ්ඩලයම අවදානමකට පත්වන බැවින් ඉන්පසුව ප්‍රතිකාර කිරීමට පුද්ගලයන් හිඟයක් මතුවීම නොවිය යුත්තක් බව ද ඔහු අවධාරණය කළේය.