කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට අතුළුවන ප්‍රධාන දොරටු ආශිත ප්‍රදේශයන් නාවික හමුදාව මැදිහත්වී දෙවනවරටත් විෂබීජ හරණය කර ඇත.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවන විෂබීජ හරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක විය.
නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය මෙම මෙහෙයුමට දායක වී තිබේ.