නවතම පුවත්

ආහාර අජීර්ණය ද? – කොරෝනා විය හැකියි

අසංක

අසංක

පාචනය, වමනය සහ ආහාර රුචිය නැතිවීම වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ගැටළු කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්‍ෂණ විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

චීන පර්යේෂකයන් විසින් කරන ලද මෙම අධ්‍යයනය American Journal of Gastroenterology නම් ජාත්‍යන්තර ප්‍රකාශනයේ පළකර ඇති අතර ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණයක් ලෙස ආහාර අරුචිය, පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ද පෙන්නුම් කිරීමේ බහුලතාවයක් පෙන්නුම් කර සිටින බව මෙමගින් නිගමනය කල හැකි බවයි .

කැලිෆෝනියා සරසවියේ මහාචාර්ය Dr Brennan Spiegel සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රෝග විනිශ්චය කිරීමට මෙම අධ්‍යනය බෙහෙවින් උපකාරී වන බවය,.

කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ රෝගීන් 204 දෙනෙක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළිවී ඇත.

එහිදී රෝගීන් 99 දෙනෙකුට ඉහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව. චීන පර්යේෂකයන් විසින් සඳහන් කර ඇත.

වයස අවුරුදු 55 ක් වූ පිරිමින් 107 ක් සහ කාන්තාවන් 94 දෙනෙකු යොදා ගෙන මෙම පර්යේෂණය සිදුකර ඇත.

එම රෝගීන් ගෙන් මුලික රෝග ලක්ෂණ ලෙස ආහාර රුචිය අඩුවූ බවට සීයයට 83ක් ද, පාචනය ඇතිවූ බවට රෝගීන් ගෙන් සීයයට 27ක් ප්‍රකාශ කර ඇති බව පර්යේෂකයින් සඳහන් කර සිටි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා