කොරෝනා රෝගය ආසාධනය වූ රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය වහා පියවර ගත යුතු බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කර සිටී.
වසංගත රෝග ඒකකය මෙන්ම රෝහල් පද්ධතිය හා , සෞඛ්‍ය කාර්ය මණ්ඩල,මෙහෙයවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද සම්මේලනය මෙහිදී සඳහන් කර සිටී.
මෙවැනි වසංගත සඳහා අවශ්‍ය උපකරණ හා ය ඇදුම් කට්ටල රජය විසින් නිසි ලෙස මෙතෙක් සපයා නැති බවද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
සෞඛ්‍ය වෘතීය සමිති සමගද රජය මේ මොහොතේ සාකච්ජා කර ඉදිරි වැඩපිළිවෙල සකස් කල යුතු බව මෙහි දැක්වේ.
වෛරස මර්ධන වැඩපිළිවෙලට හමුදාවේ සහය ලබාගැනීම වරදක් නොවන නමුත් එහි මූලිකත්වය සෞඛ්‍ය අංශ සතුවිය යුතු බවත් නිවේදනයේ දැක්වේ .