ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට හා පාලනයට ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් ලබාදෙන උපදෙස් මාලාව පහත දැක්වේ.
- ගර්භණී බව තහවුරුවුණු ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දුරකතනයෙන් අමතා ඒ බව දැනුම් දෙන්න.
- ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී කාන්තාවන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.
- ඔබගේ ගර්භණි කාලය මාස 8 කට අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේ නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වත්මන් තත්ත්වය පිලිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න. * දියවැඩියාව * අධික රුධිර පීඩනය * හෘද රෝග * ශ්වසන ආබාධ * වෙනත් අපහසුතාවයක් ඇත්නම්
- හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වලකින්න – උදා. උත්සව සහ වෙළදසැල් වෙත යාම.
- වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගත හැක.